කන්දකාඩුවෙන් 200ක් පළා යයි
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් පිරිසක් 24 වෙනිදා රාත්‍රියේ පලාගොස් ඈති බව වැලිකන්ද පොලිසිය කියයි.
පලාගිය පිරිසෙන් 17 දෙනෙකු 25 වෙනිද උදැසන සුංගාවිල පාලම අසලදි අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් පොලොන්නරුව පොලිසිය මගින් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව පොලොන්නරුව වැඩබලන ජේෂ්ඨ පොලිස් අධිකාරි චානක ද සිල්වා මහතා අප කළ විමසීමකදී කීවේය .
නවසේනපුර වෘත්තීය පුහුණ මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කණ්ඩකාඩු වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර මෙම පිරිස පලාගොස් ඇති බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය කියයි.
පලාගොස් සෝමාවතිය වනෝද්‍යානයේ හා ඒ අවට සැගව සිටින රැදවියන් අත් අඩංගුවට ගැනීම සදහා පොලිසිය ,,යුද හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත රත්නායක මහතා කීය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් 408 දෙනෙකු පුනරුත්ථාපනය වෙමින් සිටි අතර ඔවුන්ගෙන් 200 ක ආසන්න රැදවියන් පිරිසක් පලාගොස් තිබෙන බව එම මධ්‍යස්ථානයේ ආරක්ෂක අංශයේ උසස් නිලධාරීයෙකු පැවසීය.
පසුගිය ජනවාරි 12 වෙනිද ද පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් දෙපිරිසක් අතර ආහාර ප්‍රශ්නයක් මුල් කර ගෙන ගැටුමක් හට ගත් අතර ඉන් රැදවියන් 29 දෙනෙකු තුවාල ලබා වැලිකන්ද හා පොලොන්නරුව රෝහල් වලට ඇතුලත් කෙරිණි ..
එම ගැටුම අතර තුරද රැදවියන් 92 දෙදෙනකු පලාගිය අතර ඉන් නව දෙනෙකු තව දුරටත් අතුරුදන්ව සිටින අතර සෙසු රැදවියන් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇති බව වැලිකන්ද පොලිසිය කියයි..
24 වෙනිදා පලාගිය රැදවියන් අත් අඩංගුවට ගැනිම සදහා වැලිකන්ද ,පුලස්තිපුර ,,මනම්පිටිය ,,යන පොලිස් ස්ථාන වල පොලිස් නිලධාරීන් පිරිසක් හා යුද හමුදාව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
මනම්පිටිය, නිමල් ජයරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

