හෙළයේ මහා ආගමික සංස්කෘතික මංගල්‍යය කන්ද උඩරට ඇසළ පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරමින් අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ සිට කන්ද උඩරටට කප වැඩමවීම අද (16) පෙරවරුවේ සිදු විය .
මහනුවර විෂ්ණු මහා දේවාලය සහ අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය ඒකාබද්ධව දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයේ ඇති පල නොදැරූ පනස වෘක්ෂයක් (කොස් ගසක්) තෝරාගෙන ඒ වටා සුදු තිර ඇද සුවඳ පැනින් නහවා සුවඳ දුම් අල්ලා විෂ්ණු දේවාලයේ වනක්කුරාල විසින් රිදී පොරවකින් එම වෘක්ෂය කැපීම සිදුවිය.
අනතුරුව ඇතෙකු පිට හිඳුවා පෙරහරෙන් එම වෘක්ෂය මහනුවර විෂ්ණු මහා දේවාලයට වැඩම කරවීමෙන් පසු එම වෘක්ෂය කොටස් හතරකට බෙදා සිව් මහා දේවාලයන්ට බෙදා හැරීමෙන් අනතුරුව ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීම සිදු කරනු ලබයි.
ෂේන් සෙනෙවිරත්න
