කන්ටේනර් 79ක සිර වී තිබූ සහල් කිලෝ මිලියනයක් වහාම මුදා හැරීමට පියවර
විවිධ හේතූන් මත රේගුව මගින් වසර ගණනක් වරායේ රඳවාගෙන තිබෙන කන්ටේනර්වල ඇති සහල් කිලෝ මිලියනයක් මුදා හැරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් රඳවාගෙන තිබූ කන්ටේනර් 79ක මෙම සහල් තොග ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
වරායේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සමග අද (12) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගැණිනි. වරාය හා ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාව සඳහා විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද සහභාගී විය.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගිය දා කොළඹ වරායේ ශ්‍රී ලංකා රේගුවට අයත් පරිශ්‍රවල සිදු කළ සංචාරයේ දී නිරීක්ෂණය කළ කරුණු සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබිණි.
කොළඹ වරායේ පවතින අධික තදබදය අවම කිරීමට සඳහා දැනට රේගුව මගින් එහි රඳවාගෙන සිටින කන්ටේනර් 950කට අධික ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තුවලින් තොරව මුදා හැරීමට මෙහි දී තීරණය කෙරිණි. සියඹලාපිටිය අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙම කන්ටේනර්වල සහල්වලට අමතරව කරුංකා සහ කහ තොග විශාල වශයෙන් පවතින බවයි. ඒ අනුව අදාළ කන්ටේනර් ප්‍රමුඛතා ලැයිස්තුවක් යටතේ මුදා හැරීමට කටයුතු කෙරෙනු ඇති.
මෙහි දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදාළ කන්ටේනර් අය විය යුතු ප්‍රමාද ගාස්තුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව කියා සිටි අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නුදුරේ දීම අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන බවයි කියා සිටියේ.
popular news
-
දයාපාල Thursday, 13 October 2022 12:25 AM
හාල් වගේ දේවල් තියාගෙන හිටියම කාටවත් වැඩක් නැතුව දිරාපත් වෙනවා එවිට ජාතික ධනයක් නාස්ති වෙනවා මෙහෙම වෙලාවට භාණ්ඩ ගෙන්වූ අයට කිසියම් ඇපයක් මත භාණ්ඩ නිදහස් කරන්න බැරිද ඇප කොන්දේසි කැඩුවොත් ඔවුන්ට භාණ්ඩ ගෙන්වීම තහනම් කරන්න බැරිද .ඒ අතරම භාණ්ඩ දිරාපත් වුනත් කරුංකා ගෙන්වීම කල අයට දඩුවමක් දීමත් ඔවුන්ට කිසිම දිනක භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමත් කලයුතුය එලෙසින්ම රබර් කිරි,ගම්මිරිස් වැනි ලංකාවෙන් අපනයන ද්‍රව්‍ය ගෙන්වීමත් සම්පූර්ණයෙන්ම තහනම් නොකලොත් රට හදන්න බැහැ රේගු ආදායම් ලැබීමට වඩා දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කරන්න ඕන
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

