පාරිභෝගකයන් පිළිබඳ නොසිතන වෙළෙඳුන් සහ ගොවියන් ගැන නොසිතන ගැනුම්කරුවන් වෙනුවට, රජයේ තීන්දු තීරණ ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ග්‍රාමීය වෙළෙඳ ජාලයක් ඇති කිරීම ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
කාන්තා ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් මෙම ජාලය ඔස්සේ කොවිඩ් වැනි වසංගත තතත්ත්වයක් හමුවේ වුව ද ශක්තිමත් බෙදා හැරීම් ජාලයක් නිර්මාණ වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.
සේමසිංහ මහතා මේ බව කියා සිටියේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් වෙනුවෙන් සහන ණය යෝජනා හඳුන්වා දීමේ උත්සවයට එක් වෙමිනි.
ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ දායකත්වයෙන් පැවැති මෙම උත්සවය පසුගිය දා අනුරාධපුරයේ දී පැවැත්විණි. මෙහි දී ව්‍යවසායකයන් 250 දෙනෙකු වෙනුවෙන් රුපියල් 50,000 සිට 200,000ක දක්වා වූ සහ ණය මුදල් සංඛේතාත්මකව පිරි නැමීම සිදු කෙරිණි.
“2021 අයවැය යෝජනාවලිය යටතේ රජයේ වැඩපිළිවෙළක් තියෙනවා කාන්තා ව්‍යවසායකයන් 25,000ක් නිර්මාණය කරන්න. ඊට අවශ්‍ය පදනම සහ මුදල් වෙන් කිරීම මෙවර අයවැයෙන් සකස් කරල දීල තියෙනවා. 14,000කට අධික ග්‍රාම සේවා වසම්වලින් එක් අයෙක් හෝ දෙදෙනෙක් කාන්තා ව්‍යවසායකයන් විදියට සවිබල ගැන්වීම තමයි ඒ වැඩපිළිවෙළේ අපේක්ෂාව.
රටේ ලෝකයේ කොවිඩ් වැනි අවදනම් තත්ත්වයක් නිර්මාණය වුණ අවස්ථාවල හිගයකින් තොරව භාණ්ඩ ලබා ගැනීමේ සහ බෙදා හැරීමේ ජාලයක් ඇති කිරීම තමයි මෙහි අපේක්ෂාව.
අපි දන්නව පාරිභෝගිකයන් පිළිබඳ නොසිතන විවිධ කූඨ වෙළෙන්දො ඉන්නව. අනිත් පැත්තෙන් ගොවි ජනතාව සහ සැපයුම්කරුවන් පිළිබඳ නොසලකන කණ්ඩායමක් ඉන්නවා. අපට අවශ්‍ය වන්නේ රජය විසින් ගන්නා තීන්දු තීරණවල දී ඒව පාරිභෝගියන් අපහසුතාවට පත් නොකර ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කරන වෙළෙඳ ජාලයක් ඇති කිරීමයි.
මේක රජයේ වෙළෙඳ ජාලයක් බවට පත් කිරීමට අපට අවශ්‍යතාවක් නෑ. අපි ඒ කණ්ඩායමට අවශ්‍ය මූල්‍ය ශක්තිය දෙනවා, උපදෙස් දෙනවා, සැපයුම්කරුවන්ට අවශ්‍ය දැනුම් දීම් සිදු කරනවා. එහෙම කරල ඒ වෙළෙඳ ජාලය ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා. ඒ සැපයුම් මධ්‍යස්ථාන, ව්‍යාපාරය කාන්තාවන්ගේ.
රටේ ආර්ථිකයට 70%ක දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වන ඔබ වෙනුවෙන් ඉදිරියේ රජය තව තවත් පුළුල්ව මැදිහත් වීම ආරම්භ කරනවා. විශේෂයෙන් ම ප්‍රධාන සංවර්ධන බැංකුවක අවශ්‍යතාව ඉටු කිරීමට ද රජය පියවර ගන්නා බව සඳහන් කළ යුතුයි.”