ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා නියෝජනය තවදුරටත් වර්ධනය කිරීම උදෙසා කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු 01ක්, කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරු 04ක්, කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු 12ක් ඇති කිරීම සඳහා 2019/12/12 වන දින පොලිස් මූලස්ථානය යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතරක් පමණක් අනුමතය තිබියදී ජාතික පොලිස් කොමිෂන් සභාව හා සාකච්ඡා කර එයට අමතරව කාන්තා නිලධාරිණියන් 09 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමටද 2019 වර්ශයේදී කටයුතු කර ඇතැයි එම නිවේදනයේ දැක්වෙයි.
ශ්‍රී ලංකා පොලීසිය සෑම අවස්ථාවකදීම කාන්තා නිලධාරිණියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බැවින්, කාන්තා නිලධාරිනියනට වෙනස්කොට සැලකීම් සිදුවන බවට හා අසාධාරණයට ලක්වන බවට වන චෝදනා පොලිස් මූලස්ථානය තරයේ ප්‍රතික්ෂේප කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.