ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඬේවිඞ් මැකිනොන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
මෙහිදී ජනාධිපතිතුමා මහකොමසාරිස්වරයා සමග සුහද කතාබහක නිරත වූ අතර මහකොමසාරිස්වරයා කැනඩා රජය වෙනුවෙන් සිය සුභාශීංසන ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
මේ අතර චීන ජනරජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම චින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති Wu Jianghao මහතා ද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.