කොවිඩ් -19 වෛරසය මර්දනය කරමින් රට යළි යථාතත්ත්වයට ගෙන එමින් පවතින අවස්ථාවක නිරෝධායන නීතින්වලට යටත්ව ජනතාවට යළි ආගමික ස්ථාන වෙත යාමට අවස්ථාව සලසා දෙන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටියි.
මීගමුව, මහවීදිය ශාන්ත මරියා දේවස්ථානයේ අද පෙරවරුවේ ඉරුදින දිව්‍ය පුජා යාගය සිදුකරමින් අගරදගුරු හිමිපාණන් මෙම ඉල්ලීම සිදුකළේය.