කුමන ජාතික වනෝද්‍යානයේ ගේට්ටුවේ සිට කුඩා කැබිලිත්ත දේවාලය තෙක් කිලෝමීටර් දහ අටක් දුර මග දෙපස තිබී දිරා නොයන පොලිතීන්, ප්ලාස්ටික් සහ වෙනත් අපද්‍රව්‍ය ටොන් පහක් හෙවත් කිලෝග්‍රෑම් පන් දහසක් ඉවත් කළ බව කුමණ ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකාර ආර්.ඒ. ඞී. ඞී. සමරනායක මහතා පැවසුවේය.
පාද යාත්‍රාවෙන් කතරගම බලා යන වන්දනාකරුවන් වෙනුවෙන් දින පහළොවක කාලයක උද්‍යානය විවෘත කිරීමෙන් පසු ඔවුන් විසින් වනෝද්‍යානයට මුදාහළ අපද්‍රව්‍ය මෙසේ ඉවත්කළ බව ද සමරනායක මහතා පැවසුවේ ය.
පුරා දින තුනක් තිස්සේ මෙම අපද්‍රව්‍ය එකතු කරනු ලැබීය. වනජීවී නිලධාරීන්ට අමතරව යුදහමුදාවේ නිලධාරින් දෙසීය දෙනෙක් පමණ ඊට එක්ව සිටියහ. යුනිසෙලා ආයතනය ඊට පූර්ණ අනුග්‍රහය දැක්වූ බවද උද්‍යාන භාරකාර ආර්.ඒ. ඞී. ඞී. සමරනායක මහතා සඳහන් කළේය.