කතරගම බස්නායක නිලමේවරයාගේ ධුර කාලය ලබන මස 25 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබෙන බැවින් නැවත පත් කර ගැනීමක් නොකළ හොත් ඉන් අනතුරුව පවත්වන නිලවරණයකට ඔහු සහභාගි නොවන බව ප්රකාශ කිරීමෙන් පසු ඔහු නැවත වසර පහකට පත් කර දෙන මෙන් ඉල්ලා සන්දේශයක් අත්සන්කර ජනාධිපතිවරයාට භාරදීමට කටයුතු කරන බව සංවිධාන කිහිපයක නියෝජිතයෝ කියති.
මේ වන විටත් ස්විච්ඡා සංවිධාන ඇතුළු වෙළෙඳ සංගම් 25 කට ආසන්න ගණනක් ලිපි ලබාදෙමින් බස්නායක නිලමේවරයා තවත් වසර පහකට පත්කර දෙන ලෙස ජනාධිපතිවරයාට ඉල්ලීම් ලිපි ලබාදී තිබෙන බව වෙළෙඳ සංගම් නියෝජිතයෝ පවසති.
අත්සන් ලේඛනයට අත්සන් තැබීම සඳහා පැමිණි අය පවසා සිටියේ කතරගම දේවාලයට පැමිණි නිලමේවරුන්ගෙන් විශාල සේවාවක් ඉටුකරමින් රටට දෑයට යුතුකම් ඉටුකළ නිලමේවරයා ඔහු බවය.
රුපියල් ලක්ෂ 8450 ක මුදලක් දේවාලයේ පඬුරු මුදල් සහ ආදායම්වලින් වියදම් කර ඉතා සැලසුම් සහගතව මෙන්ම විධිමත්ව මහරගම පිළිකා රෝහලේ සිව් මහල් ගොඩනැගිල්ලක් මෙන්ම තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුදල් වැය කරමින් සිටීම, කතරගම ප්රාදේශීය රෝහලේ නව වාට්ටුවක් ඉදිකර ඇඳන් හතළිහක අංග සම්පූර්ණ පහසුකම් සහිතව රෝහලට ලබාදීම, මොනරාගල සිරිගල රෝහලේ හෘද රෝග සැත්කම් ඒකකයක් සිව් මහල් ගොඩනැගිල්ලක් ඉදිකරමින් පැවතීම, කතරගම බස් නැවතුම්පොළ ඉතා ආකර්ෂණීය අයුරින් වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කිරීම, නගරය ඉතා අලංකාරවත්ව කැටගල් අල්ලා රථ ගාල් පිළිසකර කර වෙළෙඳ සැල්වලට එකම හැඩයෙන් වැසි ආවරණ සකස් කර දීම, කිරිවෙහෙර , මහ දේවාලය ඇතුළු සෙසු පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට බැතිමතුන්ට පා දෝවනය කර ගැනීම සඳහා මැණික් ගඟ හරහා බැස යාමට රන් ද්වාර පිවිසුමක් සකස් කර දීම යනාදී විශාල වැඩ කොටසක් ඔහු විසින් කර ඇති බව ඔවුහු පවසති.
මෙම සන්දේශය ඉදිරියේ දිනක ජනාධිපතිවරයා අතට ලබාදීමට කටයුතු කරන බව සංවිධාන නියෝජිතයෝ පවසති.
සෙල්ලකතරගම අසිත වීරසිංහ කතරගම ආරියපාල රත්නායක