වාර්ෂිකව කතරගම දේවාලයේ පැවැත්වෙන ඓතිහාසික ඇසල මහ පෙරහැරට මෙවරත් නැගෙනහිර පළාතේ සිට දහස් ගණනක් බැතිමතුන් යාල වනාන්තරය හරහා පා ගමනින් පැමිණෙමින් සිටිති.
එම ජනතාවට අවශ්‍ය පහසුකම් හා වනසතුන්ගෙන් ආරක්ෂාවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකසන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
ඒ අනුව එම බැතිමතුන්ට අවශ්‍ය පානීය ජලය හා වෙනත් පහසුකම් මෙන්ම වනසතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා විශේෂ වැඩපිලිවෙලක් වනජීවී දෙපාර්තමේන්තුව විසින් අරඹා තිබේ.
මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද වෙන් කර තිබේ..පෙරහැර කාලසීමාව අවසන් වන තෙක් යාල වනාන්තරය තුළ දී මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට විෂය බාර අමාත්‍යවරයා උපදෙස් දී තිබේ