කණ්ඩලම ජලාශයේ ජලය පරිසරය හා සොරොව් දෙක ආරක්ෂා කර ගැනීම සඳහා දැල් සහිත ග්‍රීන් වැටක් සවිකිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ගෙන ඇති තීරණයට කණ්ඩලම ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් සහ තරුණයන් කිහිප දෙනෙකුගේ විරෝධය එල්ල වී තිබෙ.
ජලාශයේ කාලයක සිට මහා පරිසර විනාසයක් සිදුවන බැවින් ජලයට විවිධ අපද්‍රව්‍ය මුසුවීම මෙන්ම පරිසර සංවිධාන මහවැලි අධිකාරිය ශ්‍රී ලංකා පොලිසිය වෙළඳ සංගම් එක්ව සිටුවන ලද වන වගාවන් පැළ සියල්ල විනාශ කිරීම ආදී කරුණු රැසක් අවධාරණය කොට දඹුල්ල ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්ව මෙහි සිදුවන අනීතික ක්‍රියාවලියන් නවතා ගැනීම සඳහා මෙම ආරක්ෂිත දැල් වැට සවිකිරීමට මහවැලි අධිකාරිය තීරණය කළ බව බෝවතැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කළේය.
වැටේ ඉදිකිරීම් ක්‍රියාවලිය සිදු වෙමින් යද්දී කණ්ඩලම ඩී.එස්.සේනානායක මහ විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරන කණ්ඩලමේ දීපරතන ස්වාමීන් වහන්සේ සහ තවත් තරුණයන් කීපදෙනෙකු මෙම ආරක්ෂිත දැල්වැට ඉදිකිරීම නවතා දමන ලෙසත් මෙම දැල් වැට සවිකිරීමෙන් කණ්ඩලම ජලාශයේ දර්ශනයට හානියක් සිදුවන බවත් සංචාරකයන්ට ඡායාරූප ගැනීමට හානි වන බවද එමෙන්ම මංගල ඡායාරූප ගැනීම සඳහා බොහෝ දෙනකු මෙම ස්ථාන භාවිතා කරන නිසා මෙය නවතා දමන ලෙස උන්වහන්සේ මහවැලි අධිකාරියට ප්‍රකාශ කරන්නට වූහ.
මෙම ස්වාමීන් වහන්සේ සහ තරුණ කණ්ඩායම 04 දින පෙරවරුවේ කණ්ඩලම වැව් බැම්මෙ දැල් වැට ඉදිකෙරෙන ස්ථානයට පැමිණ මහවැලි අධිකාරියේ ඉංජිනේරුවරුන් සමඟ උණුසුම් තත්ත්වයක්ද හට ගැනිණිි.
තරුණයන් සහ ස්වාමීන් වහන්සේ මෙහි සිදුවෙන සිදුකිරීම නොකළ යුතු යැයි තර්ක විතර්ක ගෙන එන්නට විය පසුව ජලාශ භාර ඉංජිනේරුවරුන් සහ මහවැලි අධිකාරිය පොලිස් ජීවිත ආරක්ෂක සංගමයේ කණ්ඩායම් එක්ව කියා සිටියේ මෙම ආරක්ෂිත දැල් වැට සොරව් ආසන්නයේ සවිකිරීම පමණක් සිදුකරන බවය.
සම්පූර්ණ වැව වට කිරීමකින් තොරව එය සිදුකරන තිබෙන බවද එමගින් වැවට එන අපද්‍රව්‍ය වැළකෙන බවත් සීමාවන බවත් ජලාශය තුළ සිදුවන අනීතික කටයුතු මැඩ පැවැත්වීමට හැකි බවත් හෙට්ටයාර් හාරදහසකට අධික දෙකන්නයේ වගා කෙරෙන භූමි, පානීය ජලය මෙම වැව් දියවරෙන් සිදුකෙරෙන නිසා එය ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණ බව ඉංජිනේරුවරයා ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසට දැනුවත් කරන්නට විය.
එහෙත් එම තරුණ පිරිස සහ දීපරතන හිමියන් දැඩිව කියා සිටියේ ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂක නිලධාරීන් අවශ්‍ය නම් සේවකයන් යොදාගත යුතු බවය.
එහෙත් කණ්ඩලම වැවේ දර්ශනයට හානියක් සිදුවීම සංචාරක කර්මාන්තයට හානියක් සිදුවෙන්නේ යැයි ප්‍රකාශ කරන්නට විය , පසුව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණ දෙපිරිස අතර උණුසුම් තත්ත්වය පිළිබඳව සොයා බලන්නට විය.
එහිදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද සඳහන් කළේ මෙම ආරක්ෂිත වැට ඉදිකිරීම තුළින් වාසි රැසක් සිදුවන බවය. කෙසේ වෙතත් කණ්ඩලමේ දීප රතන හිමියන් සහ ප්‍රදේශවාසීන් ඊට ඒකක නොවූහ.
බෝව තැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කළේ ජලාශයේ වගකීම් නීත්‍යානුකූලව තමන් වෙත තමන් දරන තනතුර වෙත හිමිවී තිබෙන බවය. එම නිසා ජලය සහ කණ්ඩලම වැව ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීමට තමන්ට සිදුවන බවය.


