ආණ්ඩුව කඩිමුඩියේ නැනෝ නයිට්රජන් දියර ගෙන්වමින් බරපතළ වංචාවකට මග විවර කොට ඇතැයි ද, ඒවා ගෙන්වා ඇත්තේ රාජතාන්ත්‍රික පදනමකින් හෝ නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයකින් නොවේ යැයි ද විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
හතු පිපෙන්නා සේ හදිසියේ මතුවූ ආයතනයකට මේ රටේ බදු ගෙවන්නන්ගේ සහ අහිංසක ජනතාවගේ මුදල් රුපියල් කෝටි 29ක් වංචා සහගත ලෙස යොදවමින් නැනෝ දියර ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයිද විපක්ෂ නායකවරයා පැවසීය.
මේ මහා වංචාව පිළිබඳව වහාම අපක්ෂපාතී, විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වා මේ පිටුපස සිටින වංචනිකයන් හෙළි කළයුතු බව පැවසූ විපක්ෂ නායකවරයා, ජනතාවගේ මුදල් සමග කරන මේ සෙල්ලම නතර කළ යුතු බවද පැවසීය.
ජනතාව ලබාදුන් ඡුන්දයේ වටිනාකම ආණ්ඩුව විසින් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවත්, දැන් ආණ්ඩුවේම මැති ඇමැතිවරුන් ජනතාවට ඔච්චම් කරන තත්ත්වයට පත්ව ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා, රටපුරා පවතින ජනතා උද්ඝෝෂණ දේශපාලන උසිගැන්වීම්වල ප්‍රතිඵල නොවන බව ද, තමන්ට යන එනමං නැති කල ආණ්ඩුව කෙරෙහි රටපුරා ජනතාව උරණ වී ඇතැයිද පැවසීය.
ප්‍රදේශයේ කිරි ගොවීන් මුහුණ දෙන ගැටලූ පිළිබඳව එහිදී ගොවි ජනතාව විසින් විපක්ෂ නායකවරයා දැනුවත් කළ අතර එම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ මහතා ඇතුළු මහජන නියෝජිතයෝ රැසක්ද ප්‍රදේශවාසීහු ද එක්ව සිටියහ.