කඩා වැටුණු සංචාරක කර්මාන්තය ගොඩනැගිමට කෙටිකාලින හා දිගුකාලින සැලසුම් ක්‍රියාවලියක්
කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටී ඇති සංචාරක ව්‍යාපරය නැවත ගොඩනැංවීම සදහා දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම් සකස් කරමින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ රට තුල කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කල වහාම රජය මේ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිරයාම හේතුවෙන් ලොව පුරා සංචාරක ව්‍යාපරය කඩා වැටී තිබේ. මේ නිසා ආර්ථිකයට සිදුව ඇති පාඩුව අතිමහත්ය. ශ්‍රී ලංකාවටද මේ තත්ත්වය දැඩි ලෙස බලපා තිබේ. රජය මේ මොහොතේ ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ මෙම කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිර යාම වැලක්වීම සඳහායි.
එම මෙහෙයුම සාර්ථක වී වසංගතය මැඩ පැවැත්වූ වහාම මෙරට ආර්ථිකය ගොඩ නැංවීමේ මෙහෙයුම ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. එහිදී සංචාරක කර්මාන්තය නැවත නංවාලීම සදහාද විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.
අප්‍රේල් 21 පාස්කු ප්රහාරයෙන්ද මෙරට සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටිණි. නමුත් වත්මන් රජය බලයට පත් වීමෙන් පසු සංචාරක කර්මාන්තය නංවාලීම සදහා විශේෂ පියවර රැසක් ගනු ලැබිනි. රටවල් 48කට ලබා දී තිබූ වීසා නිදහස තවදුරටත් දීර්ඝ කිරීම, සංචාරක සංවර්ධන බද්ද අය කිරීම අත්හිටුවීම, හෝටල් හා වාහන හිමිකරුවන්ට සහන ලබා දීම එම පියවර වලින් කීපයකි. පාස්කු ප්‍රහාරය නිසා සංචාරකයන් රටට පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණද වත්මන් රජය බලයට පත්වීමේන් පසු එය යථා තත්ත්වයට පත් වෙමින් තිබිනි. කෙසේ වෙතත් ලෝකයේ කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග සංචාරක ව්‍යාපාරය නැවතත් කඩා වැටීමකට ලක් වූ බව ඇමතිවරයා පෙන්වා දෙයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ රජය ඉතා හොඳින් මේ තත්ත්වය වටහාගෙන ඇති බවයි. ඒ නිසා වත්මන් තත්ත්වය හමුවේ ආර්ථික වශයෙන් ගැටලුවලට මුහුණපා සිටින අයට රුපියල් 5000 දීමනාවක් ලබා දීමට රජය කටයුතු කලේ ඒ නිසා බවද ඔහු පෙන්වා දෙයි.
සංචාරක ව්‍යාපාරය යළි නංවාලීම සදහා ගත යුතු දිගු කාලීන හා කෙටිකාලීන සැලසුම් හඳුනාගෙන ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවද ඇමතිවරයා කියා සීටීයි.

popular news
-
බණ්ඩාර Monday, 06 April 2020 02:23 PM
ලංකාවට කොරෝන වසංගතයට ප්‍රධාන සාධකයක් සංචාරක ව්‍යාපාරය. චීන කාන්තාව කොරෝන රෝගියෙක් ලෙස හඳුනාගත්තේ පෙබරවාරි මාසේ. එදා ඉඳල සංචාරකයින් පැමිණීම නවත්තුවානම් මේ ව්‍යසනය පාලනය කරගන්න තිබුන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

