වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ගණනාවකට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්රියේදී වැල්ලම්පිටියේදී මෙම අත්අඩංගුවට ගැනී සිදුකර ඇත.අත්අඩංගුවට පත් සැකකරුවන් සහෝදරයින් වෙයි. ජම්පටා වීදියේ පදිංචි අවුරුදු 21ක් වන පලනි රිමෝෂන් හෙවත් කුඩු සෙල්විගේ පුතා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන්නා හා ඔහුගේ සහෝදරයෙක් වන අවුරුදු 25ක් වන පලනි කෙනිස්ටන් මෙසේ අත්අඩංගුවටපත්ව ඇත.
සැකකරුවන් අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 25 දා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.