කුඩාඔය පොලිස් වසමේ මහආරගම පාසලේ තුන් වන වසරේ ඉගෙනුම ලබන 8 හැවිරිදි පිරිමි ළමයෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එම ළමයාගේ පියා කුඩාඔය පොලීසිය මඟින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත.
පාසලේ ගුරුවරියක විසින් කරන ලද පැමිණිල්ලක් අනුව දරුවට පහර දුන් පියා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පාසලට පැමිණි ළමයා අපහසුවෙන් ඇවිදයන අයුරු දැක ඇති පන්ති භාර ගුරුතුමිය ළමයාගෙන් ප්රශ්න කිරීමේදී ළමයාගේ පියා බීමත්ව පැමිණ දිනපතාම අතින් පයින් සහ කෝටු වලින් පහරදෙන බව ගුරුතුමියට පවසා ඇත.
ළමයාගේ පාද වල සහ පිටේ පහර දීමෙන් සිදුවූ තුවාලද තිබී ඇත.
සැකකරු අද (31) වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තබිණි.
වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී.එම් රත්නායක මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක