වෙළඳ සැල් 15 ක් කඩා රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කර සියලු දේ ඇති එක වහලක් යටින් කඩයක් දාන්න සිටී රජවත්තේ කොන්ඩයා නමැති අන්වර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු සහ ඔහුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.
ලද පැමිණිලි කිහිපයක් මත සිසිටිවි කැමරා 21 ක් පරීක්ෂණ කිරීමේදී සොරකම්කල පෙර ගෙවුම් කාඩ් පතක් ඔස්සේ පරීක්ෂණ කර කළුතර දකුණ සහ දොඩංගොඩ පොලිස් වසමේ සිල්ලර , ගොඩනැගිලි ද්‍රව්‍ය , සුරතල් මසුන්, ලිපිද්‍රව්‍ය , මල්පෝච්චි, කොසුඉදල් , විදුලි උපකරණ ඇතුළු වෙළඳ සැල් ඇතුළු 15 ක් කඩා භාණ්ඩ සොරකම් කර ඇති බවට තහවුරු වූ බව පොලිසිය පැවසීය.
සොරකම් කල රූපවාහිනී , බ්ලෙන්ඩර්,හෝම් තියටර්,විදුලි උදුන්, ජංගම දුරකථන , ගැස් ලිප්, ඩිජිටල් තරාදි, රයිස් කුකර්, විදුලි පන්දම්, ගෑස් සිලින්ඩර්, විදුලි පංකා, ග්‍රයින්ඩර් ඇතුළු විදුලි උපකරණ , වයර් තීන්ත ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය , පාසල් උපකරණ , සුවද විලවුන්, පෙරගෙවුම් කාඩ්පත්, කොසු ඉදල් , පාපිසි ,පාපැදි, මල්පෝච්චි , හාල්, පරිප්පු , සැමන් , සිනි, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක්ද බණ්ඩාරගම ප්‍රදේශයේ වෙළද සැලක සගවා තිබියදී සොයාගෙන කඩවල් කැඩීම සදහා යොදාගත් ගල් ඉන්නද සොයාගත් බවද පොලිසිය කීය.
එම වෙළෙඳ සැල අනිද්දා (11දා) නැකතක් බලා විවෘත කිරීමට කටයුතු යොදා තිබූ බවද පොලිසිය කීය.
කටුකුරුන්ද හන්දියේ බිත්තර තොග වෙළඳ සැල කඩා බිත්තර පෙට්ටි 16 ක් සොරකම් කර ඒවා පානදුර ප්‍රදේශයේ බිත්තර තොග වෙළෙඳ සැලකට අලෙවි කර තිබූ බවද පොලිසිය සදහන් කරයි.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
පානදුර සුමිත් පොතුපිටිය
