කටුනායකට ගොඩ බාන්න ආපු ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළවලට හරවා යවයි
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ 05/22 දින අලුයම් කාළයේ පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා , ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 09 ක් මත්තල ගුවන් තොටුපොළ සහ ඉන්දියාවේ කොචින් සහ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට තමන් පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා 05/22 දින අලුයම පැවසීය .
ඒ අනුව කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානා 02 ක් , සාජා නුවර සිට පැමිණි එයාර් ඇරේබියා ගුවන් සේවයේ ගුවන් යානා 02 ක් , අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානයක් සහ කුවේට් සිට පැමිණි ජසීරා ගුවන් සේවයේ ගුවන් යානයක් වශයෙන් ගුවන් යානා06 ක් මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබේ .
05/22 දින අලුයම 03.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානය සහ අලුයම 02.35 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කිව්.ආර්.- 658 දරන ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබේ .
මීට අමතරව සාජා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත 05/22 දින අලුයම 02.30 ට ගොඩබැස්සවීමට පැමිණි එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9.- 587 දරන ගුවන් යානය සහ අලුයම 04.00 කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ජී.9.- 502 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබේ .
එසේම අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත 05/22 දින අලුයම 03.30 ට ගොඩබැස්සවීමට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානය සහ කුවේට් රාජ්‍යයේ සිට 05/22 දින අලුයම 04.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ජසීරා ගුවන් සේවයේ ජේ.9.- 551 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබේ .
මීට අමතරව 05/22 දින අලුයම 04.45 ට ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානය සහ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට 05/22 දින අලුයම 03.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1171 දරන ගුවන් යානය ද ඉන්දියාවේ කොචින් නුවර ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබේ .
එසේම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට 05/22 දින අලුයම 04.30 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණෙමින් තිබූ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 277 දරන ගුවන් යානය ද යළිත් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

