කටුනායක විදුලිය බිඳ වැටීමක්
කටුනායක ගුවන් තොටුපළ තුළ අද (09දා) උදෑසන හදිසි විදුලිය බිඳ වැටීමක් නිසා ගුවන් ගමන් කීපයක් ප්‍රමාද වී, ගුවන් මගීන් රාශියක් අසීරුතාවයට පත් විය.
11/09 දින උදෑසන 8.50 ට මෙසේ විදුලිය බිද වැටීම සිදු වූ අතර , ඒ සැනින් ක්‍රියාත්මක වීමට සූදානම් කර ඇති ස්වයංක්‍රීය විදුලි ජනක පද්ධතිය ද ක්‍රියාත්මක නොවීම නිසා, ගුවන් තොටුපළ තුළ විදුලිය බිද වැටීම විනාඩි 30 ක පමණ කාළයක් පැවතුණි.
මෙම කාළය තුළ ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි වල වායු සමීකරණ පද්ධතිය අක්‍රිය වූ අතර, ආගමන විගමන දෙපාර්තමේන්තු සහ රේගු දෙපාර්තමේන්තු රාජකාරී ද ඇණ හිට තිබුණි.
යළි විදුලි බලය 11/09 දින උදෑසන 9.20 ට පමණ ගුවන් තොටුපළ තුළ සක්‍රිය වුවද , විදුලිය බිද වැටීම සමග අක්‍රිය වී තිබූ ගුවන් තොටුපළ දුරකථන ජාලය උදෑසන 10.30 පමණ වනතුරු සක්‍රිය වී නොතිබුණි. එමෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක ජාලය යළි යථා තත්වයට පත් වූයේ උදෑසන 10.45 ට පමණය.
මේ නිසා ගුවන් තොටුපළ තුළ ගුවන් මගීන් දැඩි අසීරුතාවට ලක් වූ අතර , ගුවන් ගමන් තුනක් ද ප්‍රමාද වීම් වලට ලක් විය.
සෞදි අරාබියේ රියාද් බලා පිටත්ව ගිය සෞදි ගුවන් සේවයේ එස්.වී.- 786 දරන ගුවන් යානය , කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව ගිය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 665 දරන ගුවන් යානය සහ තායිලන්තයේ බැංකොක් බලා පිටත්ව ගිය ලයන් එයා ගුවන් සේවයේ එස්.එල්.- 231 දරන ගුවන් යානා ප්‍රමාද වීම් වලට ලක් විය.
කටුනායක ටී.කේ.ජී.කපිල
popular news
-
vinivida Saturday, 09 November 2019 10:03 PM
කටුනායක ගුවන් තොටුපල තුල සහ අයත් ප්‍රදේශය දේශපාලන ප්රචාරක වේදිකාවක් කර නොගැනීම සදහා මැතිවරණ කොමසාරිස් වරයා හෝ රජය වහාම පියවරක් ගත යුතුය. ගුවන් තොටුපල තුල සිට හෝ අවට සිට දේශපාලන ක්‍රියාවන් හෝ " VOICE CUT " දීම මින් ඉදිරියට කිසි සේත්ම නොවීමට රජය පියවරගැනීම ඉක්මනින්ම කටයුතු කලයුතුය. ලෝකයේ කිසිදු රටක නොවන මෙවැනි දේශපාලනික පහත් ක්‍රියාවන් නවත්වා විදේශිකයන් හට පිඩනයකින් සහ කරදරයකින් තොරව රටට පැමිණීමට අවස්ථාව සැලසීම රජයේ වගකීමය. මෙවැනි අදුර දර්ශි පහත් දේශපාලන මානසිකත්වයෙන් පෙලෙන පුද්ගලයන් කරන ක්‍රියාවන් නිසා ලංකව පිලිබදව විදේශිකයන් දකින සහ සිතන නමුත් ශ්‍රී ලාංකිකයන් නොසිතන, නොදකින පැතිකඩක් තිබේ. ගුවන් තොටුපල භුමියතුල දේශපාලනය අවශ්‍ය නොමැත. එමනිසා කරුණාකර කටුනායක ගුවන් තොටුපල තුල සහ අයත් ප්‍රදේශය දේශපාලන ප්රචාරක ක්‍රියාවන් සදහා තහනම් ප්‍රදේශයක් ඉක්මනින්ම කලයුතුමය. පසුගියදා ඇතිවූ විදුලි අනහිටිමත් විදෙශිකාන්හට සිදුවන අවහිරත්වන් සලකා මෙය කලයුතු අතර රජය පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාර්ගයෙන් සහ ජන මාධ්‍ය මගින් ඉක්මනින්ම මේසදහා ප්‍රචාරයක් දිය යුතුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

