කටුනායක ගුවන් තොටුපොළ රේගුවේ පැමිණීමේ පර්යන්තයට රුපියල් කෝටි 05 ක් වටිනා අතිනවීනතම පරිලෝකන යන්ත්‍ර (Scan Machine ) දෙකක් 09/02 දින දහවල් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
මෙම යන්ත්‍ර දෙක මගින් දිනකට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් 20,000 කට තම ගමන් මලු වඩාත් කඩිනමින් නිශ්කාශනය කර රැගෙන යාමට හැකි වන අතර ශ්‍රී ලංකා රේගුවට මෙම යන්ත්‍ර දෙක ලැබීමත් සමග වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අවස්ථාව ද උදා වී තිබේ .
ජර්මනියේ නිෂ්පාදිත මෙම පරිලෝකන යන්ත්‍ර මගින් ගුවන් මගීන් රැගෙන එන ගමන් මලු තුළ ඇති භාණ්ඩ වල ත්‍රිමාන දර්ශන ලබා ගත හැකි වීම විශේෂත්වයකි .
මෙම යන්ත්‍ර දෙක ව්‍යාපාරිකයන් සදහා වන " රක්ත මාවත" ( Red Channel ) සහ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති
" හරිත මාවත '' ( Green Channel ) ආරම්භක ස්ථාන වල ස්ථාපිත කර තිබේ.
මෙම යන්ත්‍ර පළමු වරට ක්‍රියාත්මක කරන අවස්ථාවට අභිනව රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැමිණ සහභාගී වී සිටියේය.

