කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසකට කොරෝනා
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සේවය කරන ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය .
මොවුන් ජා - ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව ද , ඔවුන්ට එම ප්‍රදේශයේන් මෙම වෛරසය ආසාදනය වී ඇති බවත් සභාපතිවරයා පැවසීය .
මෙම ආරක්ෂක නිලධාරීන් පිරිස ඔවුන්ගේ නිවාස වලම සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නීරෝධායනය සදහා යොමු කර ඇති බව ද සභාපතිවරයා පැවසීය .
එමෙන්ම මේ වනවිට මෙම ආරක්ෂක නිලධාරීන් සමීපව ඇසුරු කළ තවත් ගුවන් තොටුපළ නිලධාරීන් පිරිසක් පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කර ඇති අතර , 01/25 දින තවත් කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් 140 දෙනෙකු පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

