කටුනායක කොවිඩ් ආසාදිත තත්ත්වය
කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිතයන් 17 දෙනෙකු වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
ඒ අනුව කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 12 දෙනෙකු සොයාගෙන ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 1,250 දෙනෙකු වාර්තා වී තිබේ .
එමෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ සේවය කරන සේවකයින් 05 දෙනෙකු ද අද දින මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම කළාපය තුළින් කොරෝනා ආසාදිතයන් 1,236 දෙනෙකු වාර්තා වී තිබේ .
එසේම අද දින මිනුවන්ගොඩ පිහිටි අත් වැසුම් නිෂ්පාදන කර්මාන්තශාලාවක සේවය කරන සේවකයින් 19 දෙනෙකු ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර තිබේ .
එමෙන්ම ගම්පහ සහ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ පදිංචි පාසැල් සිසුන් පිරිසක් ද මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

