කටුනායක කුලී රථ ගාස්තු ගුවන් ගමන් ගාස්තුත් අභිභවා යයි
කටුනායක ගුවන් තොටුපළ කුළී රථ ගාස්තුව විදේශ රටකට ගමන් කිරීමට අය කරන ගුවන් ප්රවේශ පත්ර ගාස්තුව අභිබවමින් තිබෙන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව කන්කසන්තුරෙයි වෙත කටුනායක ගුවන් තොටුපළ සිට කුළී රථ ගාස්තුව රුපියල් 76,300 කි . එමෙන්ම කටුනායක ගුවන් තොටුපළ සිට යාපනය වෙත කුළී රථ ගාස්තුව රුපියල් 73,000 කි.
මීට අමතරව මෙම කුළී රථ අධිවේගී මාර්ග ඔස්සේ ගමන් කරන්නේ නම් එම ගාස්තු ද , මෙම කුළී රථ ගාස්තුවට එකතු කරනු ලැබේ'
එහෙත් අඩු වියදම් ගුවන් ගාස්තු අය කරන ඉන්ඩිගෝ, ස්පයිස් ජෙට් වැනි ගුවන් යානා ඉන්දියාව වෙත ගුවන් මගින් යෑමට එක් ගුවන් මගියෙකුගෙන් අය කරන්නේ මෙම ගාස්තුවෙන් දහයෙන් එකක පමණ වන අඩු මුදලකි.
එසේම මීට මාස කීපයකට පෙර ශ්රී ලංකාව සහ බහරේන් අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කළ විස් එයා ගුවන් සේවය එක් ගුවන් ගමන් වාරයක් සදහා එක් ගුවන් මගියෙකුගෙන් අය කරනු ලබන්නේ රුපියල් 11,000 ක මුදලකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

