කටාර් සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට
කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු අද(27දා) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ඔවුන් කටාර් රාජ්‍යයේ , දෝහා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 5.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි
ඔවුන් මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 10 ක සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 258 ක අසුන් ගෙන සිටි අතර , ඔවුන් අතර කුඩා ළමුන් සිව් දෙනෙකු ද වූහ.
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව , ඔවුන් රැගෙන ආ බඩුබාහිරාදිය ද සමග විෂබීජ හරණය කිරීමට ලක් කෙරුණි.
ඉන් පසුව ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න විමසා බැලීමක් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කළහ.
ඉන් අනතුරුව මෙම ගුවන් මගීන් සියලු දෙනා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් විශේෂ බස් රථ මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

