කටාර් රාජ්යෙව් රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර මැදපෙරදිග රටකට පලායාමට සූදානම්ව සිටි අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලීසිය සමත්ව තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සහ 25 හැවිරිදි අඹුසැමි යුවලකි.
කළුතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් කටාර් රාජ්‍යෙය් රැකියාවක් සඳහා යවන බව පවසමින් රුපියල් ලක්ෂ හතරහාමාරක් ලබා ගත් බවට ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර යුවල කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පානදුර සුමිත් පොතුපිටිය