කොටුව දුම්රිය ස්ථානය අසල සිටි මගීන් ඊයේ (08දා) සවස ප්‍රචණ්ඩත්වයට යොමු කරනු ලැබූවේ ආණ්ඩුවේ කණ්ඩායම් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අද (09දා) පැවසීය.
හෙතෙම මේ බව පැවසූයේ බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ ඒකාබද්ධ විපක්ෂය මගින් පැවත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අතරමං වූ මගීන් අතරට ගිය ආණ්ඩුවේ කණ්ඩායම් ප්රකෝපකාරී ලෙස හැසිරීමට උල්පන්දම්දී තිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා මෙහිදී පැවසීය.
දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව දුම්රිය සේවකයන් පළකළ විරෝධය යටපත් කිරීමට ආණ්ඩුවට උවමනාවී තිබුණු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.