අම්බලන්ගොඩ, අකුරල ගල්දූව ප්‍ර දේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.065ත් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික වෙයි.
අද (09දා) සවස 2ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ . අවුරුදු 43ක් හා 58ක් වන සැකකරුවන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.