බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින අති නවීන PCR රසායනාගාරය ගලවා දමා, විදේශීය මුල්‍ය සමාගමකට රසායනාගාරයක් ඉදි කර, මුදල් ලබා ගැනීමට ඉඩ ලබා දීමේ වැඩ පිළිවෙලක් දියත් කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම යටතේ රටේ පවතින වේගවත්ම රසායනාගාර ගුවන් තොටුපල තුල ඉදිකර තිබියදී එය ගලවා දමා, විදෙස් මුල්‍ය සමාගම් මගින් කොමිස් ලබා ගැනීමට දියත් කර ඇති මෙම සැලසුම පිළිබදව වගකිවයුත්තන් මුනිවත රකිමින් සිටියදී, රසායනාගාර සේවාවේ අයිතිකරුවන් සේ පෙනී සිටින සමහර විශේෂ වෛද්‍යවරුන් ඊට උදව් කරමින් තිබෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි .
මුල්‍ය සමාගම විසින් රසායනාගාරය ගුවන් තොටුපල පරිශ්‍රයෙහි ඉදි කොට, සෑම PCR පරීක්ෂණයකින්ම ඩොලර් හතලිහකට වඩා වැඩි මුදලක් අය කරණු ලබයි. මෙය සැලසුමට අදාල කණ්ඩායම් අතර ලාබාංශය බෙදා ගැනීම සදහා සිදුකරන ව්‍යාපාරයක් වන බැවින්, ලාභය වැඩි කරගැනීම සදහා ගුවන් මගින් විසින් සිදුකළ යුතු පරීක්ෂණ ප්‍රමාණ පවා තිරණය වනු ඇතැයි ඔහු පවසයි.
රටට ආදායම් ඉපයිය හැකි, වගකිව යුතු පරීක්ෂණ වාර්තාවක් ලබා දිය හැකි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය සහිත අති නවීන රසායනාගාරයක් කඩා බිද දමා, පුද්ගලයන් සහ දේශපාලකයන් කීපදෙනෙකුගේ කොමිස් උවමනාව මත මෙලෙස කටයුතු කරන්නට ඉඩදී රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය බලා සිටීම ඉතා පිළිකුල් සහගත බවත් එම නිවේදනයේ දැක්වෙයි. .
සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය වරයාගේ මෙම සැලසුමට, ජනාධිපතිවරයා කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි බලා සිටින බවත් මෙම ක්‍රියාන්විතය සාර්ථක බව පෙන්වීම උදෙසා පෙන්වා දී ඇති කිසිවක් යථාර්ථයන් නොවන බවද, ඉතා ප්‍රාතමික උපකරණ කිහිපයකට ආයොජනය කර විශාල මුදලක් ඉපයීම ඔවුනගේ සැලසුම බවද පෙන්වා දෙන්නේ යැයි ඔහු පවසයි.