කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් ඊයේ (24දා) ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 14 දෙනෙකු හමු වු බවත්, එම අසාදිතයන් අතර පාසල් ළමුන් 09 දෙනෙකු සිටින බවත් කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාඝවන් මහතා පැවසිය.
තලවකැලේ ග්‍රේට්වෙස්ටර්න් සහ ග්‍රේට්වෙස්ටර්න් ලුසා කොටසේ ගුරුවරියක් සහ පාසල් දෙකක සිසුන් 06 දෙනෙකු, හැටන් කොටගල ලොග්ගිල් වතු යායේ එකම පවුලේ පාසල් ළමුන් 03 දෙනෙකු ඇතුළු කොටගල නගර සිමාවෙන් අසාදිතයන් සිව්දෙනෙකු හදුනාගත් බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේය.
පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් වශයෙන් හදුනාගත් නව අසාදිතයන් ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 14 දෙනා හඳුනාගත් බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේය.
අසාදිත පාසල් සිසුන් හැටන් කොටගල, තලවකැලේ ග්‍රේට්වෙස්ටර්න් පිහිටි පාසල් වල අධ්‍යාපනය ලබන අවු 11-12-13-15-16 යන වයස් කාණ්ඩවල පසුවන අය බවත්, අසාදිතයන් 14 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බවද මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා වැඩි දුරටත් පැවසීය.