යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් කෝටි 3කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයකු පිළියන්දල බටුවන්දර ජඹුරලිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ නිවාරන කොට්ඨාසය කියයි .
එම සැකකරු සමඟ මත්කුඩු කිලෝ 3 ග්‍රෑම් 250 පොලිස් භාරයට ගෙන ඇත
වැටලීම සිදුකරන අවස්ථාවේ දී එක් පුද්ගලයෙකු පලාගිය බව පොලිසිය කියයි.
මඩපාත ප්‍රදේශයේ පෙදරේරු රැකියාවේ නිරත පුද්ගලයකු සහ කැස්බෑව නගර සභාවේ රියදුරෙක් ලෙස රැකියාව කරන පුද්ගලයකු එක්ව මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ යෙදෙන බව සංවිධානාත්මක අපරාධ නිවාරණ නිවාරණ කොට්ඨාසයේ විමර්ශන ඒකක 2 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පත්මලාල් මහතාට ලද තොරතුරක් අනුව පොලිස් පරීක්ෂක කැලුම් සෝමරත්න මහතා ඇතුළු නිලධාරීන් දින කීපයක් තිස්සේ ඒ සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කර මෙම පුද්ගලයන් දෙදෙනා මත්කුඩු තොගයක් කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට ප්‍රවාහනය කරමින් සිටියදී වැටලීම සිදු කළ බව පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ කලුපාට බෑගයක දමන ලද මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 80 බැගින් අඩංගු පාර්සල් දෙකක් සහ කිලෝ එකයි ග්‍රෑම් 90 ක් අඩංගු පාර්සලයක් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .
වැටලීම සිදුකරන අවස්ථාවේදී යතුරුපැදියේ පිටුපස ගමන්ගත් පුද්ගලයකු පලාගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ඔහු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පලාගිය පුද්ගලයා කැස්බෑව නගර සභාවේ රියදුරු ලෙස සේවය කරන්නෙක් බවත් කටුබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පදිංචිකරුවෙකු බව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
පිළියන්දල මඩපාත පදිංචි අත්අඩංගුවට ගත් 47 හැවිරිදි සැකකාර පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම මත්කුඩු ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන" බඩෝවිට අසංක "නැමැත්තාට අයත් ඒවා බවට අනාවරණ වූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ