නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ කාමර කුලියට ලබා දෙන ස්ථානයක් වටලා රුපියල් කෝටි දහයකට අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග එහි කළමණාකරු අද (16දා) අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය කියයි.
එම සැකකරු සමඟ මත්කුඩු කිලෝ 5 ග්‍රෑම් 125 ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 ග්‍රෑම් 25 මෙන්ම රුපියල් 36500 මුදලක් පොලිසිය භාරයට ගෙන ඇත.
අත්තිඩිය ප්‍රදේශයේ හෝටලයක සේවය කර තිබූ මෙම සැකකාර කළමනාකරු මීට මාස තුනකට පමණ ඉහත දී කාමර කුලියට ලබා දෙන ස්ථානය කළමනාකරු ලෙස සේවය සඳහා පැමිණ තිබූ බවත් පොලිසිය කියයි.
ඔහුගේ කාමරයේ බෑගයක් තුළ අසුරා මෙම මත්ද්‍රව්‍ය තොගය තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මෙම මත්කුඩු ජාවාරමේ මහ මොළකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා රඳවා ගැනීමේ නියෝග මත සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු විසි නවයක් වන පදියපැලැල්ල පදිංචිකරුවෙකි.