කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයන් තිදෙනෙක් ලංකාවට ගෙනෙයි
කංජිපානි ඉම්රාන් නැමති මෙරට සුප්‍රකට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකගේ මුල්‍ය අංශයේ කටයුතු භාරව ක්‍රියාකළ තොටිවිලගේ ධනුෂ්ක කෞශල්‍ය නොහොත් " රත්මලානේ සයිමා " සමග තවත් දෙදෙනෙකු , සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන 08/10 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබේ .
" රත්මලානේ සයිමා " රත්මලාන , ජයසුමනාරාම මාවතේ පදිංච් 41 හැවිරිදි වියේ පසුවන මෙරට තුළ සිදු කළ අපරාධ රැසකට සම්බන්ධ වූ අයෙකු වන අතර ඔහු ගල්කිස්ස අධිකරණයෙන් නිකුත් කළ ගුවන් ගමන් තහනමකට ලක් වී සිටි අතර ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කළ රතු වරෙන්තුකරුවෙකි .
මොහුට අමතරව ගල්කිස්ස ප්‍රදේශයේ පදිංච් 31 හැවිරිදි වියනගේ ඉෂාර සලින්ද කුමාර සහ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන ලද්දු හෙන්නැදිගේ ලසන්ත ලක්මාල් සිල්වා නැමති අය ද මෙසේ මැලේසියාවේ දී අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ .
ඔවුන් 08/10 දින සවස 04.25 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මොවුන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යාමට නියමිතය .



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

