ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර සිදුවන නීතිවිරෝධී මිනිස් ජාවාරම මැඩ පැවැත්වීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අවධානය යොමුව තිබේ.
ඕස්ට්‍රේලියානු රජයට සහ ශ්‍රී ලංකාවට කලක සිට දැඩි අර්බුදයක පවතින නීති වීරෝධී මිනිස් ජවාරමට කාලීන විසඳුමක් ලෙස මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතය.
මේ පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ ඕස්ට්‍රේලියානු රජයේ නියෝජිතයන් අතර මුලික සාකච්ඡාවක් අද දින (12) පවත්වන ලදී.