ඕමානයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර ,කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 315 දෙනෙකු අද දින සවස මස්කට් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි විශේෂ ගුවන් යානා දෙකකින් ගෙන්වා ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ශ්‍රී ලංකා රජය මේ අකාරයට රැකියා සදහා විදේශ රටවල් වලට ගොස් , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයන් , කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ගෙන්වා ගෙන තිබුණි.
මෙයින් පළමු ගුවන් යානය අද දින සවස 4.45 ට ඕමානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 188 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන විශේෂ ගුවන් යානය මස්කට් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එමෙන්ම ඕමානයේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 127 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1512 දරන දෙවන විශේෂ ගුවන් යානය අද දින සවස 5.15 ට මස්කට් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස , නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් , රජයේ නීරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබුණි .