ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට අපි සූදානම්
"එක පැත්තකින් ආණ්ඩුව ඡන්දයක් තියන්න සූදානම්ද නැද්ද කියන ප්රශ්නය තියෙනවා. මොකද ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මතය උරගා බලන්න ඕනේ නම්, ඔය එක එක ආයතන වලට මුදල් දීලා සමීක්ෂණ වාර්තා කරන්නේ නැතුව පළාත් සභා මැතිවරණය තියන්න පුළුවන්. ඉතින් ඒ තුළ තමන්ගේ පළාත් සභා මැතිවරණය තියන්න පුළුවන්." යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
"ඉතින් ආයතන වලට මුදල් දිදී සමීක්ෂණ කර කර ඉන්න වෙලාවේ පළාත් සභා ඡන්දය තිබ්බා නම්, ජනාධිපතිවරයාට රටේ ජනතාවගෙන් සියයට කීයක් කැමතිද නැද්ද කියලා ජනාධිපතිතුමාට හොයාගන්න පුළුවන්.
හැබැයි ඉතින් අනිත් පැත්තෙන්, ආණ්ඩුව මේ රටේ ජනතාව බඩගින්නේ තියෙනවා. ඒ සමීක්ෂණ වාර්තාවලම සඳහන් වෙනවනේ ජනතාවගෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් බඩගින්නේ ඉන්නවා කියලා' ආණ්ඩුව අද තමන් කරපු පොරොන්දු ඉටු කරන්න අපොහොසත් වෙලා තියෙනවා. ඉතින් අපි පක්ෂයක් විදිහට ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට අපි සූදානම් වෙනවා.
ආණ්ඩුව හිතනවා නම් ජනතාවගේ මතයට විරුද්ධව, මේ රටේ වෘත්තිකයන්ගෙන් සහ මේ රටේ විශේෂයෙන්ම නීතිපති, මේ රටේ නීති වෘත්තියේ ඉන්න අයගෙන් විශේෂයෙන්ම නීතිඥ සංගමය, ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය, ලංකාවේ නීතිඥ සංගමය සහ පහළ අධිකරණවල ගරු විනිශ්චයකාරවරුන්ගේ සහ සමස්තයක් ලෙස මේ රටේ ජනතාවගේ මතයට විරුද්ධව ගිහිල්ලා, ආණ්ඩුවේ තනි කැමැත්තට ව්‍යවස්ථා සංශෝධන ගෙනැල්ලා මේ රටේ බලය තහවුරු කරගන්න පුළුවන් කියලා, ආණ්ඩුවට වැරදිලා.
ඉතිහාසයේ එවැනි සිදුවීම් වෙච්ච වෙලාවල් වල ඒ කාලයේ තිබිච්ච ආණ්ඩුවලට අත් වෙච්ච තීරණයන් පිළිබඳවත් ආණ්ඩුව අවබෝධය, අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ආණ්ඩුව වැඩ කරන්නේ නැති කොට, තමන් වෙච්ච පොරොන්දු ඉටු කරන්නේ නැති කොට, ආණ්ඩුව උත්සාහ කරන්නේ බලහත්කාරයෙන් තමන්ගේ ආණ්ඩුව පවත්වාගෙන යන්න.නෑ, අද ඒක වෙන්නේ නෑ."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

