වෙළෙඳපොළ ඉල්ලුම අනුව වගා කරන ඕනෑම වගාවක් සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් රක්ෂණාවරණයක් ලබා දීමට පසුගියදා පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී යොජනා වී තිබේ.
කෘෂිකාර්මික අවදානම් කළමනාකරණ හා සමාජ සුභසාධනය අරමුණු කර ගනිමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ලංකාව තුළ වගා කරන ඕනෑම වගාවක් සඳහා වෙළඳපොළ ඉල්ලුම අනුව මෙම රක්ෂණාවරණය ලබාදීමට යෝජනා කර ඇත. මෙහිදී නව රක්ෂණ යෝජනා ක්‍රම කිහිපයක් හඳුන්වා දී ඇත. කුරුඳු වගා රක්ෂණ යෝජනා ක්‍රමය, රබර් වගාරක්ෂණ යෝජනා ක්‍රමය, බඳුන්ගත මඤ්ඤොක්කා වගා රක්ෂණ යෝජනා ක්‍රමය, කෙසෙල් වගාරක්ෂණ යෝජනා ක්‍රමය, බිම්මල් වගාව සඳහා රක්ෂණ යෝජනා ක්‍රමය, පොල් වගාව සඳහා රක්ෂණ යෝජනා ක්‍රමය මේ යටතේ හඳුන්වාදී ක්‍රියාත්මක කෙරේ.
මෙයට අමතරව ජාතික වගා රක්ෂණ යෝජනා ක්‍රමය,වගා ණය රක්ෂණ යෝජනා ක්‍රමය,ව්‍යාපෘති හා ගොවිපළ සඳහා විශේෂ යෝජනා ක්‍රම ක්‍රියාත්මකය . මෙහිදී විශේෂ යෝජනා ක්‍රමය යටතේ ආවරණය වන අවදානම් තත්ත්ව ලෙස කාළගුණික අවදානම් ,කෘමි හානි,රෝග පළිබෝධ ,වන අලි හානි,සත්ව හානි හඳුන්වා දිය හැකිය.
එමෙන්ම පශු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ගවයන්, එළුවන් හා සුරතල් සතුන් සඳහා අවම රක්ෂණ වාරිකයක් යටතේ රක්ෂණාවරණයක් හඳුන්වාදී ඇත.එමෙන්ම තෙවන පාර්ශවීය රථ වාහන රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ටැක්ටර්, ලොරි රථ, යතුරු පැදි, තීරෝද රථ, මෝටර් රථ, මෝටර් කාර් සඳහා ද රක්ෂණාවරණයක් හඳුන්වාදී ක්‍රියාත්මක කෙරේ.
එමෙන්ම පොල් , තල් හා කිතුල්කර්මාන්තයේ යෙදෙන කෘෂිකාර්මිකයන් සඳහා වෛද්‍යාධාර හා හදිසි අනතුරු ආවරණ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී ක්‍රියාත්මක කෙරේ.එමෙන්ම ධීවරයන් සඳහා හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමයක්, කෘෂි උපකරණ රක්ෂණ යෝජනා ක්‍රමයක්, ගබඩාරක්ෂණ යෝජනා ක්‍රමයක්, හරිතාගාර හා ආරක්ෂිත ගෘහ රක්ෂණ යෝජනා ක්‍රමයක් යන රක්ෂණ යෝජනා ක්‍රම සාමාන්‍ය රක්ෂණ යෝජනා ක්‍රම යටතේ ක්‍රියාත්මක කෙරේ.
එමෙන්ම කෘෂි, වැවිලි, සත්ව පාලන හා ධීවර ආශ්රිත කටයුතුවල නියැළෙන්නන් සඳහා දායකයාගෙන් පසු කාලත්‍රයාටත් අවම වාරික මුදලක් යටතේ රක්ෂණයක් ලබාදීමට විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය යටතේ යෝජනා වී ඇත.