ඔට්ටු ඇල්ලිම සහ සූදු බද්දෙන් රැස් කරනු ලැබු ආදායම 2023 වර්ෂයට සාපේක්ෂව ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් බිලියන 9.8 දක්වා කැපි පෙනෙන ලෙස සියයට 32.2කින් වර්ධනය වි ඇති බැව් මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.
ඔට්ටු ඇල්ලිම සහ සූදු බද්දෙන් රැස් කරනු ලැබු ආදායම 2023 වර්ෂයේ දි රුපියල් බිලියන 7.4ක්ව පැවතුණි. සංචාරකයින්ගේ පැමිණිම යථා තත්ත්වයට පත්විම සහ එවැනි ක්‍රිඩා ව්‍යාපාර ස්ථානයකට ඇතුළු වන ශ්‍රිලාංකිකයින් සදහා ප්‍රවේශ ගාස්තුවක් අයකිරිම මෙම ආදායම වැඩිවිම සදහා ප්‍රධාන වශයෙන් හේතුවිය.
එමෙන්ම සූදු හෝ බුකීකරුවකු වශයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයින්ගෙන් වාර්ෂික බද්දෙන් උපයනු ලබන බදු ආදායම 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දි රුපියල් බිලියන 4.3 දක්වා සියයට 16.1කින් වැඩිවි ඇත. මෙම කර්මාන්තයට නව ප්‍ර වේශවිම් මෙම වර්ධනයට හේතුවි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.