ඔට්ටු මධ්‍යස්ථානවලින් රජයට රුපියල් කෝටි 262 ක බදු පොල්ලක්
සජීවි විකාශන පහසුකම් සහිත ඔට්ටු මධ්‍යස්ථානවලින් බදු හා දඩ මුදල් වශයෙන් ගෙවිය යුතු රුපියල් 2,621,108,150 ක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙතෙක් ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
මෙම මධ්‍යස්ථානවල මාසික දළ එකතුව මත ගෙවිය යුතු බදු සහ ප්‍රමාදවී සිදුකළ එම බදු ගෙවීම්වලට අදාළ දඩ මුදල් වශයෙන් 2014 සිට මේ දක්වා කාලය වෙනුවෙන් මෙම හිගබදු මුදල් ප්‍රමාණය අයවිය යුතුව පවතින බව බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.
මෙම හිගබදු මුදල් සඳහා බදුකරුවන් අභියාචනාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විගණනය වෙත පිළිතුරු ලබා දී ඇත.
කඩිනමින් මෙම හිග මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙස විගණන කාර්යාලය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබාදී තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විගණන කාර්යාලය 2023 වෙනුවෙන් නොබෝදා නිකුත් කළ විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වේ.
ජේ.ඉඳුරුවගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
