නව ගාස්තු සංශෝධනයත් සමග ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදි ලංකා විදුලි බල මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 33.6ක් හා රුපියල් බිලියන 36.6ක් වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
කෙසේ වෙතත් ජනවාරි මාසයේදී මෙරටට අවශ්‍ය ගල් අඟුරු වෙනුවෙන් රුපියල් බිලියන 38.5ක් හා ඩීසල්, දැවි තෙල් හා නැප්තා වෙනුවෙන් රුපියල් බිලියන 35ක මුදලක් අවශ්‍යව ඇති බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන ප්‍රකාශ කරයි.