ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් ලබා දිමට අපේක්ෂා කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ජනපතිවරයා මේ බව පැවැසූයේ අකුරැස්සේ පැවැති ජන රැළියක් අමතමිනි.
"අප්‍රේල් මාසයේ තිබුණ තෙල් මිලටම ලෝක වෙළ ඳ පොලේ තෙල් මිල ඇවිත් තියෙන්නේ. අපිට දැන් ලොකු පීඩනයක් ඇවිත් තිබෙනවා.
අපි ලෝක වෙළ ඳ පොලේ ගාණටම තෙල් මිල වැඩි කළේ නෑ. අපි මොකද කළේ හැම ඩීසල් ලිටරයකටම අප්‍රේල්, මැයි, ජුනි, ජුලි මාස
හතරෙම හැම ඩිසල් ලීටරයකටම රුපියල් 100 ගාණේ ගියා. ඒ්කට අපිට ගියා රු. කෝටි 6000ක්. දැන් ආයේ වැඩිවෙලා. ලෝක මිළ අනුව ලබන මාසයේ තෙල් මිල වැඩි කරන්න ඔ්න. හැබැයි අපි අපේක්ෂා කරනවා සහනාධාරයක් දිලා ඒ්ක පාලනය කරන්න. මරාලයක් වැටුණාම මුළු මනින්ම ඒ්ක ජනතාව පිට දාන්න බෑ. විදුලි මිලට දැනුත් සහනාධාරයක් දෙනවා."