ඒකාබද්ධ වනජීවී නිලධාරීන් හෙට (07දා) දින සිට යළිත් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
ප්‍රභාෂ් කරුණාතිලක මහතා අද (06දා) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ බව පැවසිය.
සංකේත වැඩ වර්ජනය ආරම්භ කිරිම සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක් වු ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.
පොලොන්නරුව ජල ගැළුම් නිම්න රක්ෂිතයේ අනීතික කටයුතු සිදු කිරිම සඳහා රාජ්‍යය අමාත්‍යවරයා මේ වන විට පිඹුරුපත් සකසමින් ඉන්නවා.
“අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමින් විසදුම් ලැබෙනතෙක් බලා සිටියා. නමුත් කිසිදු විසදුමක් ලැබුණේ නැ.
එ නිසා හෙට දින සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹී ගහ කොල සතු සිව්පාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනවා.
හෙට දිනයෙත් සංකේතාත්මක වැඩ වර්ජනයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. කැබිනට් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මාධ්‍යය ඔස්සේ යහපත් ප්‍රතිචාර යොමු කරලා තියෙනවා.
ඇමතිවරයාගේ මැදිහත්විම අපි බලාපොරෙත්තු වෙනවා. එතෙක් සංකේත වැඩ වර්ජනය සිදු කරනවා.
ජෛව සම්පත ආරක්ෂා කරගැනිම සඳහා මේ ජල ගැළුම් නිම්නය ඉදි කරලා තියෙන්නේ.
රක්ෂිතය තුළට ගවයන් ඇතුළු කළහොත් පොලොන්නරුව දිස්ත්‍රික්කයටම අලි මිනිස් ගැටුම වළක්වන්න බැරි වෙනවා.
අලින්ගේ නිජභුමිය තමයි ජල ගැළුම් නිම්න රක්ෂිතය. මේ රක්ෂිතයට ඇතුල් කරන ගවයෙක් දිනකට කිලෝ 40 ක් පමණ ආහාරයට ගන්නවා.
ගවයන් පස් දෙනෙක් අලියෙකුගේ දිනක ආහාර ප්‍රමාණය නැති කරනවා. ගවයන් විසිදහසක් තිස්දහසක් පමණ ප්‍රමාණයක් තමයි මේ රක්ෂිතයට ඇතුල් කිරිමට කටයුතු කරන්නේ.
එ නිසා අලි මිනිස් ගැටුම වලක්වන්නේ කොහොමද? කිලෝමිටර් 11.5 මාර්ගයක් තමයි මේ ඉදි වෙන්නේ, මෙම මාර්ගය වර්ෂයක මාස දෙකක් ජලයෙන් යට වෙනවා.
මේ ගම්වාසින්ට කිලෝමිටර් 30 කපට් ඇතිරු මාර්ගයක් ලබා දිලා තියෙනවා, මෙම මාර්ගය තිබියදි තව මාර්ගයක් ලබාදිමේ අවශ්‍යයතාවයක් අපි දකින්නේ නැ?
අවු 34 භාවිතා නොකල මාර්ගයක් ඇයි දැන් අවශ්‍යය වෙන්නේ? මෙම මාර්ගය හරහා වෙනත් අනීතික කටයුතු සිදු කිරිමට තමයි කටයුතු කරන්න හදන්නේ.
මහවැලි ගගේ වැලි නිධි හරහා තමයි මෙම මාර්ගය ඉදි කරන්න හදන්නේ.
ගම්වාසින්ට අවශ්‍යය මාර්ගය මහවැලි යෝජනා ක්‍රමය මගින් ඉදි කරලා දිලා තියෙනවා.
මේක දේශපාලනික වාසි ලබා ගැනිම එක් අරමුණක් වෙනවා. මේ රක්ෂිතයේ තිබෙන වාණිජ සම්පත් තවත් එක් අරමුණක් වෙනවා.
මහැවැලි නිම්නයේ වැලි ගොඩ ගත්තොත් මුහුදු ජලය රට තුළට එනවා. ඒ තුලින් පරිසර පද්ධතියේ ලවණතාවය වැඩි වෙනවා.
පොලොන්නරුව මුහුදු මට්ටම සමග ඉතාමත් පහතින් තියෙන ප්‍රදේශයක්. ඒ නිසා භුගත ජලය සමග මේ ලවණතාවය මිශ්‍ර වෙනවා.
මේක අවුරුදු ගණනාවකින් ලංකාවට ලොකු ප්‍රශ්නයක් වෙනවා, 1984 දි මේක රක්ෂිතයක් බවට පත් කල යුත්තේ ඇයි කියලා සදහන් කරලා තියෙනවා.”