
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආයෝජනය ආයතනයක් වන ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රෙය් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් %First Capital Money Plus Fund^ සේවාව හඳුන්වාදීමට නියමිතව තිබේ. ඒ අනුව එහි මූලියක දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (24) දා කොළඹදී පැවැත්වුණි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වාදෙන මෙම ක්‍රමය තුලින් ඒකක භාර ආයෝජන ගිණුම් සඳහා නිකුත්කරන EMV සක්‍රීය කාඩ්පත් හරහා ඩිජිටල් ක්‍රමයට මුදල් ලබාගැනීමට හා ගෙවීම් කිරීමට අවස්ථාව සැලසෙන අතර එමගින් ගිණුම් හිමියන්ට ගනුදෙනු කිරීම සඳහා නව ක්‍රම කිහිපයක්ද හිමිවෙයි.
තවද මෙම ක්‍රමවේදයේ ආරක්ෂාව හා විනිවිදභාවය තහවුරු කිරීම සඳහා භාරකාර සේවාව ලබාගැනීමට ෆස්ට් කැපිටල් විසින් HNB බැංකුව සමග අත්වැල් බැඳගැනීමට කටයුතු කර තිබේ. එමෙන්ම නව අරමුදල මගින් ඒකක භාර ගිණුම් හිමියන්ට EMV කාඩ්පත් ඔස්සේ පහසුවන් තම ආයෝජන වෙත පිවිසීමටද හැකියාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකා විනිමය සහ සුරැකුම්පත් කොමිෂන් සභාවේ අනුමැතිය හිමි මෙම නව ඒකක භාර අරමුදල නිසා ආයෝජකයන්ට දිවයින පුරා විසිරුණු ATM යන්ත්‍ර 3,500 කට අධික සංඛ්‍යාවකදී මෙන්ම භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී මුදල් ගෙවන ස්ථාන (POS terminals) සහ ඩිජිටල් ගෙවීම් වේදිකාවලදී තම ආයෝජන වෙත පිවිසීමට හැකියාව ලැබේ. මේ ආකාරයට ආයෝජකයන්ට වඩාත් පහසුවෙන් තම මුදල් භාවිතා කිරීමට හැකියාව ලැබීම, ශ්‍රී ලංකාවේ ඒකක භාර වෙළඳපොළේ කැපීපෙනෙන වර්ධනයකට තුඩුදෙනු ඇතැයි ෆස්ට් කැපිටල් සමාගම විශ්වාසය පළකරයි.
- තිසර ගංගාදර
