නිර්වින්දන එන්නතක ඇති වූ සංකූලතා හේතුවෙන් පේරාදෙණිය ළමා රෝහලේ දී කුඩා ළමයකු මියයාමේ සිද්ධිය ප්‍රතික්ෂේප කරන බවත් සංකූලතා ඇතිවීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කරන ලද එම නිර්වින්දන එන්නත කිසිසේත්ම කුඩා ළමයින්ට භාවිතා නොකරන්නක් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේඊයේ (21) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවතිබහුකාර්ය සංවර්ධන සහයක සේවයේ නියුතු 253 දෙනෙකු සඳහා මධ්‍යම සබරගමුව හා වයඹ යන පළාත් රෝහල්වල සෞඛ්‍ය කාර්ය සහායකයන් ලෙස පත්වීම් ලිපිලබා දීමේ උත්සවයකදීය .
එම නිර්වින්දන එන්නත ලබා දීමේදී තරමක් වේදනාවක් ඇතිවන බැවින් කුඩා ළමුන්ටලබා නොදෙන බවදැනුම් දී ඇති බවත් මේ සම්බන්ධයෙන් අදාළ රෝහල්වල වෛද්‍යවරුන් අද (22) කොළඹට කැඳවා මාධ්‍ය හමුවක් කැඳවා සැබෑ තත්ත්වය පිළිබඳ හෙළිදරව්වක් කරනු ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය .
සෞඛ්‍ය ක්ෂේත්රය හා සම්බන්ධ ප්‍රශ්න වල දී ඇතැම් මාධ්‍ය බොරුව රජ කරවන බවත් මාධ්‍ය මගින් මේ ආකාරයෙන් මුදාහරින වල්බූරු නිදහස සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු බවත් ඇමැතිවරයා පැවැසීය .
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ගීතමානි කරුණාරත්න, සමන් රත්නායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිහාල් වීරසූරිය, මහනුවර ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂකවෛද්යඅර්ජුන තිලකරත්න,පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්යසරත් කීර්ති බණ්ඩාරයන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ .