එළවළු හා පළතුරු ප්‍රවාහනයට දුම්රිය සූදානම්
කොවිඩ් -19 වෛරසය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය නිසා ගොවීන් වගා කරන ලද එළවළු හා පලතුරු වර්ග සෙසු ප්‍රදේශවලට ප්‍රවාහනයේ දී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන්ප්රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු ව තිබේ.
මෙම අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ දී ඇතැම් කූඨ ව්‍යාපාරිකයින් විසින් මහජනතාව ගසා කෑමේ ව්‍යාපාරයක ද යෙදී සිටින බැවින් සාමාන්‍ය ජනතාවට පහසුවෙන් සාදාරණ මිලකට එළවළු හා පලතුරු මිල දී ගැනීමට පහසුව සැලසීම සඳහාත්, ගොවි ජනතාවට තම නිෂ්පාදන වලට සාධාරණ මිලක් ලබා ගැනීමට නොහැකි වී තිබෙන්නේත් ප්‍රවාහනයේ දී පවතින ගැටළු සහගත බව නිසා යැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙයි.
එමනිසා මෙම ගැටළුවට විසඳුමක් වශයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල වගා කරන එළවළු පලතුරුමෙන්ම සහල් ඇතුලු සෙසු ආහාර ද්‍රව්‍යයද ද දුම්රිය මගින් ප්‍රවාහනය සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ බලධාරින්ට ඊයේ (14දා) උපදෙස් දෙනු ලැබීය.
ඒ් අනුව සහල්, එළවලු මෙන්ම පලතුරු ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගැනීමට රජය අපේක්ෂා කරන්නේ නම් ඊට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ පූර්ණ සහාය ලබා දීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
මේ වනවිට ඉන්ධන ප්‍රවාහනය දුම්රිය මගින් සිදු කරන අතර මෙතෙක් කිසිදු ගැටළුවකින් තොරව රට පුරා ඉන්ධන සැපයීමට රජයට හැකි වී තිබේ. මේ වනවිට දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් ඉන්ධන හිගයක් වාර්තා නොවේ. ඒ් අයුරින් ආහාර ප්‍රවාහනය සඳහා ද දුම්රිය යොදා ගැනීම මගින් දැනට පවතින ගැටලු රැසකට විසඳුම් ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
popular news
-
Chandralal Wednesday, 15 April 2020 12:50 PM
බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඇති බැවින් මෙම අදහස ඉතාම කාලෝචිතය.අතරමැදියන්ගේ ගසාකෑම් නවතා ජනතාවට අඩු මිලට දකුණේ අලුත් එළවලු බෙදාහැරීම සදහා දුම්රිය සේවය ඉතා හොදින් ගැලපේ. මෙම අදහස ක්‍රියාත්මක කරන්නන් හට අපගේ ප්‍රණාමය.
Reply : 0 0
Batangala Wednesday, 15 April 2020 12:51 PM
මම JVP කාරයෙක් නෙවි . නමුත් එලවලු ප්‍රවාහනයට දුම්රිය යොදා ගන්න කියල මුලින්ම යෝජනා කලේ නම් JVP බව ජනතාව දන්නවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

