එවර්ග්‍රීන් සමූහය 2025 වැඩිම තේ අලෙවියක් කරයි
එවර්ගීන් තේ කර්මාන්ත ශාලා සමූහය පිට පිටම අටවැනි වරටත් ගිය වසර (2025 ) නිමා වෙද්දී ලංකාවේ වැඩිම තේ නිෂපාදනය කොට අලෙවි කළ තේ කර්මාන්ත ශාලා සමූහය බවට පත්ව තිබේ.
එම තේ කර්මාන්ත ශාලා සමූහය ගිය වසරේ එලෙස වාර්තා තැබූවේ තේ කිලෝග්‍රෑම් 10379568 ක් නිෂ්පාදනය කොට වෙළඳ පොළට බෙදා හැරීමත් සමගය.
මේ තේ කර්මාන්ත ශාලා සමූහය විසින් Orthodox ,CTC යන තේ වර්ග දෙකම නිෂ්පාදනය කොට අලෙවි කර මෙ වාර්ථාව තබා තිබේ..මෙලෙස මේ වාර්ථාව අකන්ඩව අට වැනි වරටත් තැබීම සඳහා ගාලු දිසාවේ සහ ඒ අවට තේ සපයනු ලබන කුඩා තේවතු හිමියන් 30000ක් පමණ තේ දළු සැපයූහ
එසේම හාරදහසක් පමණ ශම බලකායක් සෘජු හා වක රැකියාවේ නියුක්ත වෙමින් එයට දායක වූහ. එවර්ගීන් තේ කර්මාන්ත ශාලා සමූහය තේ කර්මාන්ත ශාලා දහතුනකින් සමන්විතය. එවර්ගීන්, බොම්බෙල්, තුන්දොළ, තලංගහ, කැටන්දොළ, වතුරවිල, වලහන්දූව, හිල්ගාර්ඩ්න්, රෑකඩහේන, කන්නෙලිය, ලිහිනියාව, මාරකන්ද දිවිතුර එම තේ කර්මාන්ත ශාලා දහ තුනය.
මෙලෙස ලංකාවේ වැඩිම තේ නිෂ්පාදනයේ පෙරමුණ ගෙන සිටින එවර්ගීන් තේ කර්මාන්ත ශාලා සමූහය ISO තත්ත්ව සහතිකයෙන්ද පිදුම් ලැබීය.
එවර්ගීන් තේ කර්මාන්ත ශාලා සමූහයට මෙලෙස පිට පිටම වසර අටක්ම මෙ වාර්ථා තැබීමට හැකිවූයේ එම කර්මාන්ත ශාලා සමූහයේ සභාපති අරුණ ද සිල්වා,සමස්ත මෙහෙයුම් කියාවලි සම්බන්ධීකාරක සහ උප සභාපති සෙනාල් ද සිල්වා අධයක්ෂකවරුන් වන මිනුල් ද සිල්වා,දුෂර ශංක සමූහ සාමානයාධිකාරී ලසන්ත අල්විස්,රෑකඩහේන වතු සමාගමේ සාමානයාධිකාරී බී.ඩබ්ලිව්.ටී.නදීෂන යන මහත්වරුන්ගේ දැඩි ඇපකැපවීම මතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
