එල් නිනෝ තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම්වලට මුහුණදීම සඳහා රජය අවශ්‍ය පූර්ව සූදානම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසීය.
අද (20) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වියළි කාලගුණ තත්ත්වය පවතින දිස්ත්‍රික්ක සඳහා ජලය බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මඩකලපුව, මොණරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට අවශ්‍ය පානීය ජලය බෙදාහැරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
එම වැඩපිළිවෙළ දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම වසර අවසානය වන විට පසුගිය වසර 75කට ආසන්න කාලය තුළ ඇති වූ ප්රබලතම එල් නිනෝ තත්ත්වයකට මුහුණදීමට සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.