එරිත්‍රියාවේ අත්අඩංගුවේ සිටි 8ක් නිදහස්ව ලංකාවට එයි
වසරක පමණ කාළයක් එරිත්‍රියාවේ අත්අඩංගුවේ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයින් 06 දෙනෙකු , විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් මහතා ප්රමුඛ රජයේ මැදිහත් වීමෙන් නිදහස් කර ගැනීමෙන් පසුව 24 දා පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
ඔවුන් අසර්බයිජාන කපිතාන්වරයෙකු යටතේ යුරෝපීය නෞකාවක මුහුදු ආරක්ෂක නිලධාරීන් ලෙස සේවය කරමින් සිටියදී 2024 වසරේ නොවැම්බර් මස 07 දින මොවුන් සේවය කළ නෞකාව එරිත්‍රියා මුහුදු කලාපයට ඇතුළුවීමත් සමග මොවුන් එරට වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන්ගේ පවුල් වල සාමාජිකයන් මේ පිළිබද අමාත්‍ය විජිත හේරත් මහතා සහ මෙරට රජය දැනුවත් කිරීමෙන් පසුව ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත් වීම මත මොවුන් නිදහස් කර ගැනීමට හැකි වී තිබේ.
මෙසේ නිදහස් වූ ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයින් පිරිස 10/24 දින පස්වරු 04.50 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඔවුන් පිළිගෙන රැගෙන යාම සදහා ඔවුන්ගේ දූ දරුවන් පවුල් වල සාමාජිකයන් සහ දෙමාපියන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

