පානදුර මූලික රෝහලෙන් ඊයේ (05දා) ඥාතීන්ට මුදාහළ මළ සිරුරක් කොරෝනා බව දැන එම්බාම් කිරීමට සූදානම් කරමින් සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නැවත රෝහලට රැගෙන ගොස් ඇත.
මෙසේ රැගෙනවිත් ඇත්තේ පානදුර, කෙසෙල්වත්ත, ගොරකාන ප්‍රදේශයේ පදිංචිව සිටී ජී.එස්. චින්තා ශ්‍රියානි රුද්‍රිගු නමැති 65 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් බව පැවසේ .
අදාඵ කාන්තාව රෝහලේ 9 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයාමෙන් පසු මළ සිරුර පෙරේදා දහවල් ඥාතීන්ට මුදාහැර තිබේ.
පළමු පරීක්ෂණය අනුව ඇයට වෛරසය ආසාදනයවී නොමැති නමුත් පසුව ලැබී ඇති වාර්තාව අනුව කොවීඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බව දැනගැනීමට ලැබී තිබේ.
ඒ අනුව එම්බාම් කිරීම සඳහා බන්ඩාරගම මල් ශාලාවකට රැගෙන ගොස් තිබූ මළසිරුර රෝහල් කාර්ය මණ්ඩලය ක්ෂණිකව ක්‍රියාත්මක වී නැවත රැගෙන ඒමට කටයුතු කර ඇත.
එදින පස්වරුවේ මළසිරුර මල්ශාලාවේ සිට පානදුර මූලික රෝහල වෙත රැගෙන ආ අතර, එහිදී ඥාතීන්ගෙන් එල්ලවූ විරෝධතාවය මැඩපැවැත්වීමට පොලිසියද මැදිහත් විය.
මේ පිළිබඳ අදහස් දැක්වූ පානදුර රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත කුමාර මහතා "පවතින කාර්ය බහුලත්වය සමගින් ජනතාවට ඉක්මනින් සේවාව සැපයීම අපේ අරමුණයි. සිද්ධිය සැලවූ වහාම කඩිනම් පියවර ගත් නිසා කිසිදු අයෙක් නිරෝධායනය කරන්න අවශ්‍ය වන්නේ නැහැ. මළසිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු අද නිරෝධායන නීතියට අනුව සිදුකරනවා." යැයි පැවැසීය.
පානදුර සුමිත් පොතුපිටිය