එන්නත්කරණයට වසරයි දිවයින පුරා සැමරුම්
මෙරට එන්නත්කරණ වැඩපිළිවෙලට එළැඹෙන 29 දිනට වසරක් පිරිම නිමිත්තෙන් “එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහන” අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එදින පැවැත්වීමට නියමිතය.
මෙම වැඩසටහනට සමගාමීව සෑම පළාතකම ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් පළාත් සැමරුම් වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත. එමෙන්ම ප්‍රාදේශිය රෝහල් වලින් ඉහළ දිවයිනේ සෑම රෝහලකම සහ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකම සැමරුම් වැඩසටහන් පැවැත්වීමටද මෙයට සමගාමීව පියවර ගැනේ.
සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබද විශේෂ සාකච්ඡාවක් අද (26දා) එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මහාචාර්ය චන්න ජයසුමන යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම සැමරුම් වැඩසටහන එකම තේමාවකින් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති අතර, 29 දින පෙරවරු 10.06 ට මේ වෙනුවෙන් ආශිර්වාද පහනක් දැල්වීමට කටයුතු යෙදේ.
එන්නත්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා මෙරටට එන්නත් පරිත්‍යාග කළ විදෙස් රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුලු විදෙස් නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
විශේෂයෙන්ම වර්ෂ පූර්ණ එන්නත්කරණ සැමරුම් වැඩසටහනට සමගාමීව බූස්ටර් එන්නත්කරණ සතියක් එළැඹෙන 29 දින සිට ක්‍රියාත්මක කෙරෙන අතර, ජනතාවගේ රැකවරණය බූස්ටර් එන්නත ලෙසින් එම ප්‍රවර්ධන වැඩසටහන දිවයින පුරා රෝහල් ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය ආයතනයන් තුළ ක්‍රියාත්මක කෙරේ.
popular news
-
Demuni Uduwara Wednesday, 26 January 2022 01:52 PM
What are these celebrations! You all should understand that Sri Lanka is the country reporting highest deaths per million of population in South Asia. Peruse 8 countries statistics and then cry not celebrate!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

