එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ගම හා රට පුරා ගෙන යමින් නව ව්‍යවසායකයන් ලක්ෂයක් රට තුළ බිහිකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්රමයේ මාතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කවුලු විවෘත කරමින් පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පවසා සිටියේය.
එහිදි තව දුරටත් අදහස් පළකළ අමාත්‍යවරයා,
“මෙම ණය යෝජනා ක්‍රමයෙන් අපේක්ෂා කරන්නේ ශ්‍රී ලාංකිකයන් තුළ පවතින ව්‍යසායකත්ව හැකියාවන් වර්ධනය කිරීමටයි. දෙවුන්දර, යාපනය සංස්කෘතික ත්‍රිකෝණයේ කැණීම්වලින් හෙළිවන්නේ විදේශීය රටවල් සමග බොහෝ වෙළෙඳ සබඳතා පැවති බවයි.
තවද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කරනවා. මීට පෙර ණය යෝජනා ක්‍රම දැක තිබුණත් මේ ණය යෝජනා ක්‍රමය මීට වඩා වෙනස්. එහි විශේෂත්වය වනුයේ රජය මෙම ණය සඳහා වන පොලිය ගෙවීමයි.
මේ යටතේ උපාධිධාරියෙකුට ලක්ෂ 15ක ණයක් ලබා දෙන්න සූදානම්. ව්‍යාපාරයක් කරගෙන යන ඊළඟ පියවරට යන්න සූදානම් අයට මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගන්න පුළුවන්.
ඒ අනුව මේ යටතේ ඇපකරුවන් නොමැතිව ව්‍යාපෘතිය සාර්ථක නම් ලක්ෂ 15 දක්වා ණය ලබා දෙන්න සූදානම්. විවිධ හැකියාවන් තියෙනවා නම් ඒ සදහා ණය ලබාදෙන්න පුලුවන්. මීට අමතරව නැවතී තිබෙන නිවාස ඉදිකර ගැනීමට, විදුලි බිල වැඩි නම් සෝලා උපකරණ සවි කරන්න, බස් රථ ලබා ගැනීමට ණය ලබා ගන්න හැකියාව පවතිනවා. ඊට අමතරව මාධ්‍යවේදීන්ටත් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ උපකරණ ලබාගැනීමට ණය ලබා දෙනවා. විශේෂයෙන් කාන්තාව ශක්තිමත් ව්‍යසායකයෙකු බවට පත් කරන්නයි මෙමගින් අපේක්ෂා කරන්නේ.
මේ සියලු දෙනාට අමතරව අබාධිතයන්ටත් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාදෙනවා. අපි මේ ලබාදෙන්නේ බිලී පිත්තක්. ඉන් ප්‍රයෝජන ලබා ගන්නා ලෙස අපි සැමදෙනාගෙන් ඉල්ලා සිටිනවා.* යැයිද පවසා සිටියේය.