එතනෝල් ආනයනය නොකරන ලෙස ඉල්ලා සෙවණගල සිනි සමාගමේ සේවක සමිති හතරක පිරිසක් සතියක පමණ සිට සිදු කළ සත්‍යග්‍රහයක් රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතාගේ මැදිහත්විමෙන් ඊයේ (13දා) නවතා දැමිය.
විරෝධතාවයේ යෙදුණු සේවක සංගම් නියෝජිතයින්ට රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා සදහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිය පිටරටින් භාණ්ඩ නොගෙන්විම බවයි.අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට සිමා දමා ඇති බවත් එතනෝල් ද පිටරටින් නොගෙන්වන බවත් ඇමතිවරයා පැවසිය .
එම පොරොන්දුව අනුව සත්‍යග්‍රහය නැවත්විමට සේවක සංගම් එකගතාවය පළ කළේය . එතනෝල් හිගයක් රටේ පවතින බවට ප්‍රචාරයක් යවමින් මත්වතුර නිෂ්පාදනය සදහා පිටරටින් එතනෝල් ගෙන්විමට කිසිවෙකුටත් අවස්ථාවක් නැති බවද සෙවණගල සීනි කර්මාන්ත ශාලාව ලාභ ලබන තත්ත්වයට පත්වුයේ එතනෝල් නිෂ්පාදනය නිසා බැවින් ඒ තත්ත්වය වෙනස් කිරිමට ඉඩ නොදෙන බවද රාජ්‍ය ඇමති ජානක වක්කුබුර මහතා මෙහිදී පැවසිය.
රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා